මා ගැන

ආයුබෝවන්,
කොහොමද ඔයාලට?
සිංහලෙන් blog එකක් ලියන්න පටන්ගත්ත උනාට ලිපි කියවන්න ඉන්න කට්ටියනම් අඩුයි වගේ.එහෙම වුනාට මගේ බලපොරෝතුව නම් මන් අතහරින්නේ නැහැ.
පළමුවෙන්ම මන් කියල ඉන්නම් මං ගැන.මම දුලංගිකා මධුෂාණි.මම වෘත්තීයෙන් විද්‍යාව ගුරුවරියක්.මම කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගත්තා.ඉතින් මේ විදියට බ්ලොග් එකක් පටන් ගත්තේ අපේ දරුවනට අන්තර්ජාලය තුල සිංහලෙන් කියවන්න තියෙන අවස්ථාව අඩු නිසා ටිකක් හරි සිංහල ලිපි ඔවුන්ට කියවන්න අවස්ථාව ලබා දෙන්න.මේ උත්සාහය සාර්ථක වේවිද නැත්ද කියල මම දන්නේ නැහැ නමුත් මන් උත්සහ කරලා බලනවා.ඒ වගේම මේ වගේ දේවල් කරන්න අපිව යොමු කරපු දැනුම ලබා දෙන නැණස ස්මාර්ට් school වැඩසටහනට මන් ස්තුතිවන්ත වෙනවා.
ඕගොල්ලෝ හැමෝටම මන් ආරාධනා කරනවා එන්න ,කියවන්න,අඩුපාඩු කියන්න ඒ වගේම ලිපි පල ක‍රන්න ඕනේ මාතෘකා ඉදිරිපත් කරන්න. 

Comments