ශාක
ශාක යනු ජිවයෙහි විශේෂ ආකාරයක් වන අතර ඒ සඳහා පදුරු, තෘණ වර්ග, පර්නාංග, හරිත ඇල්ගි, පෙද වර්ග, වැල් වර්ග සහ ඖෂධ පැලෑටි අයත්වෙයි. 350000 ප්‍රමාණයක ශාක විශේෂ ප්‍රමාණයක් ඇතැයි මේ වන විට ගණන් බලා ඇත. ඒවා බීජ ශාක, bryophyte සහ පර්නාංග වේ. 2004 දී සොයා ගෙන ඇති ආකාරයට 287,655 ප්‍රමාණයක් විශේෂ හඳුනාගෙන ඇති අතර ඉන් 258,650 ප්‍රමාණයක් මල් හට ගන්නා ශාක වන අතර 15,000 ප්‍රමාණයක් bryophyte වේ. හරිත ශාක ප්‍රභාසංස්ලේෂණය මගින් සුර්යය ශක්තිය තිර කරනු ලබති.
මිනිසා විසින් ප්‍රයෝජනයට ගන්නා ශාක පිළිබඳව අධ්‍යයනය කිරීම ආර්ථික උද්භිද විද්‍යාව හෙවත් මානවවංශ උද්භිත විද්‍යාව ලෙස හැඳින්වේ.මේවා බොහෝවිට සමානාර්ථපද ලෙස භාවිත කළත්, ඇතැමුන් ආර්ථික උද්භිත විද්‍යාව ප්‍රධාන වශයෙන් නවීන වගාකල ශාක පිළිබඳ මානව වංශ උද්භිද විද්‍යා අධ‍්‍යයනයන් පාරම්පරික ශාක වර්ග දේශීය ජනයා විසින් භාවිත කිරීම පිළිබඳ යොමුවී ඇතිබව සලකනු ලබයි.මානවයා විසින් ශාක වගාකිරීම මිනිස් ශිෂ්ටාචාරයේ පදනම වූ කෘෂිකර්මයෙහි කොටසකි.ශාක කෘෂිකර්මය,සත්ත්ව විද්‍යාව, උද්‍යාන පාලනය හා වන විද්‍යාව ලෙස කොටස් වලට බෙදී ඇත.
ආහාර අර්ථයෙන් සියළු මානව පෝෂණයට කෙළින්ම හෝ වක්‍රව ගොඩබිම් ශාක මත රඳාපවතී.බොහෝ මානව පෝෂණය ධාන්‍ය වර්ග විශේෂයෙන් බඩ ඉරිඟු ,තිරිඟු සහ සහල් මත හෝ වෙනත් ප්‍රධාන ආහාර බෝග වන අර්තාපල් මඤ්ඤොක්කා සහ රනිල මත රඳා පවතී.ශාකවල ආහාරයට ගන්නා වෙනත් කොටස් අතරට පළතුරු, එළවළු, කජු, ඖෂධ, කුළු බඩු සහ ආහාරයට ගතහැකි මල් වර්ග අයත් වේ.ශාක වලින් ලබාගන්නා බීම වර්ග වලට කෝපි,තේ, වයින්, බියර් සහ මධ්‍යසාර අයත්වේ. ප්‍රධාන වශයෙන්ම සීනි ලබාගන්නේ උක් සහ බීට් වළිනි. අහාර පිසින තෙල් සහ මාගරින් ලබාගන්නේ බඩඉරිඟු, සොයා බෝංචි, කැනෝලා, සැෆ් මල් , සූරියකාන්ත, ඔලිව් සහ වෙනත් ශාක වලින්ය.අහාර ආකලන වලට ගම් ඇරබික්, ගුවාගම්, ලොඅකස්ට් බෝංචි ගම්, පිෂ්ඨය සහ පෙක්ටීන් අයත් වේ.
ගොඩනැගිලි තැනීමට දැව,ලී බඩු,කඩදාසි,කාඩ්බෝඩ්,සංගීත භාණ්ඩ සහ ක්‍රීඩාභාණ්ඩ සෑදීමට උපයෝගී කොට ගනී.බොහෝ විට රෙදි සෑදීමට කපු,තණ හෝ සෙලියුලෝස් වලින් වෙන්කරගත් රෙයෝන් සහ ඇසිටේට් වැනි කෘතිම කෙඳි යොදාගනී.ශාකවලින් ලබාගන්නා පුනර්ජනනය කළ හැකි ඉන්ධන වලට දර, පීට් සහ අනෙකුත් ජෛව ඉන්ධන අයත් වේ. ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ශාක වලින් ව්‍යුත්පන්නවූ පොසිල ඉන්ධන වලට අයත් වේ. ශාක වලින් ලබාගන්නා ඖෂධ අතරට ඇස්ප්‍රීන්, ටැක්සොඅල්, මොර්ෆීන් ,ක්වීනීන්, රෙසර්පින්, කොල්චිසීන්, ඩිජිටාලිස් සහ වින්ක්‍රිස්ටීන් අයත්වේ. ගින්කෝ, එකිනසියා, ෆීවර්ෆිව් සහ සෙන්ට් ජෝන්ස්වර්ට් වැනි ඖෂධීය පරිපූරක සිය ගණනක් ඇත.ශාක වලින් ලබගන්නා කෘමිනාශක අතරට නිකොටීන්, රොටෙනොඅන්, ස්ට්‍රිච්නීන් සහ පයිරත්‍රීන් අයත්වේ. ශාක වලින් ලබගන්නා මත්ද්‍රව්‍ය වලට ඕපියම්,කොකේන් සහ මරිජුවනා ඇතුලත්වේ. ශාක වලින් ගන්නා විශ අතරට රිසීන්, හෙම්ලොක් ක්‍යුරෙයා අයත්ය.ශාක කෙඳි වර්ග ,සුගන්ධ තෙල්, ඩයි වර්ග, වර්ණක ,ඉටිවර්ග, ටැනින්, ගස් වලින් ගන්නා කිරි වර්ග,ගම්, රෙසින්, ඇල්කොලොයිඩ, ඇම්බර් සහ වල්ක වැනි බොහෝ ස්වාභාවික නිෂ්පාදන වල ප්‍රභවයන් ශාකවේ.ශාක වලින් නිපදවාගන්නා නිෂ්පාදන අතරට සබන්,ආලේප,ෂැම්පු,සුවඳ විළවුන්, රූපලාවන්‍ය ද්‍රවය, ටර්පන්ටයින්,රබර් ,වාර්නිෂ්, ලිහිසි තෙල්,ලිනොලියම්, ප්ලාස්ටික්,තීන්ත,චුයින්ගම්, සහ හණ කඹ අයත් වේ.අපරිමිත ප්‍රමාණයක්වූ කාර්මිකව නිපදවන කාබනික රසායන ද්‍රව්‍ය වල,මූලික රසායනික ද්‍රව්‍යවල ප්‍රාථමික ප්‍රභවය වන්නේද ශාකය මෙම රසායනික ද්‍රව්‍ය විශාල විවිධත්වයකින් යුතු පර්යේෂණ හා අධ්‍යයනයන්ට උපයෝගීකොට ගනී
මුලාශ්‍ර -විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

Comments
Post a Comment