අලුතින් හිතමු

ජීවිතය අලුත් විදියට දකිමු

අපි හැමදාමත් සාර්ථකත්වය හොයාගෙන අපේ හීන පස්සේ දිව්වා.    

හීන හැබෑ උනා කියලා අපි එහනින් නැවතුනද? නැහැ, 

පොඩ්ඩක් හිතල බලන්න ඇයි අපිට නවතින්න බැරි උනේ.අපේ උවමනාවල් වලට සීමාවක් නැහැ, අපිට අපි ලග ඇති දේවල් වලින් සතුටු වෙන්න බැරි වෙලා තියනවා,අන්න ඒ නිසා තමයි අපිට නවතින්න බැරි උනේ.


                        ඔබේ උවමනාවල් අමතක කරලා ඔබේ අවශ්‍යතාවයන් ගැන හිතුවොත් ඔබට මට හුගාක්‌ දේවල් තියෙනවා නේද.මේ ලිපිය කියවන මොහොත වන විට ඔබට කන්න දෙයක්,ඉන්න තැනක්,අදින්න ඇදුමක් (ආහාර,ඇදුම්,නිවාස) කියන මිනිසාගේ මුලික අවශ්‍යතාවයන් ටික සම්පුර්ණයි නේද. ඉතින් ඔබ මොනතරම් වාසනාවන්ත කෙනෙක්ද කියල ඔබම හිතලා බලන්න.මොකද මේ ලෝකයේ ජීවත්වන වන සමහර මිනිස්සුන්ට කන්න අදින්න ඉන්න හිටින්න නැතුව බොහොම දුක් විදිනවා. ඔබ මේ ලිපිය කියවන්නේ අන්තර්ජාලයේ ඉදන් ඒ කියන්නේ ඔබ ඉතාමත් ඉහලින් මේ කලින් කියපු අවශ්‍යතා සපුරා ගත්තු කෙනෙක්.

                                අධ්‍යාපනයත් මේ විදියටම ඔබට මට දකින්න පුළුවන් වුනුදාට අපේ රට ඉතාමත් දියුණු රටක් වේවි.අපි විභාග අරමුණු කරගෙන ඉගෙනිම කරන නිසා මේක බරක් විදියට දැනෙනවා නමුත් ඔබ කැමති දෙයක් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා නම් එක  බරක් වෙන්නැ.අන්න ඒ නිසා අපි කිසිම වෘත්තීයක් පහත් කරලා සලකන්න හොද නැහැ.හැම කෙනාටම අයිතියක් තියන ගෞරවය ලබන්න, තමුන්ගේ රස්සාව නිසා සමාජය තමාව පහත් කරලා සලකයි  කියල හිතන නිසා තමයි දරුවෝ තමන් අසා කරන රස්සාව තොර නොගන්නේ.අකමැති දේ කරලා ඔවුන් ජීවිත කාලයම විදවනවා.

ඉතින් මගේ ආරාධනය ඔයාලා හැමෝටම පටු අදහස් විසි කරලා දාල නිදහස්ව හිතමු, අලුත් විදියට ජීවිතේ දකිමු , එතකොට අපි හැමෝගෙම ජීවිතේ තරගයක් නොවී බොහෝම ලස්සන එකක් වේවි.  

එන්න අපි අලුත් විදියට හිතමු අලුත් විදියට දකිමු.

Comments